Tuesday, 10 May 2022

කතානායක අයින් විය යුතුයි

17 ට පෙර පාර්ලිමේන්තුව කැදවන්යි
විපක්ෂ මන්ත්‍රීවරු කුටියට කඩා පැන කියද්දීත්
කන් නොදුන් කතානායකතුමා -
වහාම පාර්ලිමේන්තුව කැදවන්නයි දැන් ජනාධිපතිගෙන්
ඉල්ලයි.

වහා පාර්ලිමේන්තුව කැදවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ වන විට රට තුළ මතුව තිබෙන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා හෙට දිනයේ පක්ෂ නායක හමුවක් කැදවා ඇති බවද කතානායකවරයා පවසයි.

පසුගිය සිකුරාදා දිනයේ දී විපක්ෂ මන්ත්‍රීවරු රැසක් කතානායක නිලකුටියට කඩා වැදී, රට ගිනි ගනිමින් තිබෙන බවත්, 17 වන දා ට පෙර යළි පාර්ලිමේන්තුව කැදවන ලෙසත් කතානායකවරයාට බලකර සිටියද කතානායක ඔවුන්ගේ එම ඉල්ලීම තුට්ටුවකටත් මායිම් නොකර යළි සභාව රැස්වීම 17 වන දා ට කල් දැමුවේ ය.

Monday, 9 May 2022

කැප්ටන් වෙත,
කොහොමද,ඔයා දැන් army එකේ ලොක්කෙක් . සතුටුයි.
ඔයාලගේ තරුණ කාලේ හොඳම අවධියේ තිබ්බ,ඒ ගට නිසා තමයි අපි යුද්දෙත් දින්නේ. එකට උපහාරය හදවතින්ම❤️
ඔයාට මතකද ත්‍රස්තවාදීන් පරදවලා ,මනුශික මෙහෙයුම දිනලා ඔයා ගමට එනකොට ,ඒකට වැඩියෙන්ම සතුටු වෙලා කොඩි වැල් දාපු,ගමේ ලොකු උත්සවයක් සංවිධානය කළ බණ්ඩාර මාමා..
ඔයා ෆරන්ට් එකේ ඉන්නකොට , ඔයාගේ අම්මා ලෙඩ උනහම ඉස්පිරිතාලෙ අරන් ගියෙත් බණ්ඩාර මාමා ..🙏
බණ්ඩාර මාමගේ පුතා දැන් කැම්පස් 🌍
සමහර විට ඉස්සරහ තියෙන බැරියර් එකට එහා පැත්තේ
කැම්පස් කොල්ලො අතරෙ ඌත් ඉන්නවා ඇති.
ආර්ථික ත්‍රස්තවාදීන් ,දේශපාලනික ත්‍රස්තවාදීන් රටම වටකරලා ගහද්දි ,උන්ගේ තරුණ පපුවල් වලට දරාගන්න බෑ.මේ සිස්ටම් එක අවුල් කියලා අමු අමුවෙම පේනවා....😐
ඒකයි උන් පාරේ.😶
කැප්ටන්,
ඔයාගේ අම්මත්,බණ්ඩාර මාමත් තවම පෝලිමේ
එයාලා ඔය දෙන්නම ගෙදර එනකන් බලන් ඉන්නවා..
දෙන්නම ගෙදර එන්න ඕනේ.🙏❤️
මේකත් අතිශයින් ම මානුෂික මෙහෙයුමක්....🙏😪..
තුවක්කු නිදිකරවන්න...,
මේ රටට ආයෙ වෙඩිහඬ ඕනෙ නෑ.⭕

Sunday, 8 May 2022

ශ්‍රී ලංකාවට යළි හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ස්විස් ජනරජයේ මෙරට තානාපති Dominik Furgler ද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලාංකිකයින් විසින් මෙලෙස සාමකාමී ව විරෝධතා පැවැත්වූයේ ඔවුන් අසීමිත අයුරින් ජීවිතයේ දුක් විඳින බැව් පෙන්වා දීමට වන බවයි. එබැවින් හදිසි නීතිය පැනවීමෙන් අර්බුදයන්ට විසඳුම් සෙවීම තව තවත් දුෂ්කර වන බව ද තානාපතිවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවට යළි හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ස්විස් ජනරජයේ මෙරට තානාපති Dominik Furgler
ද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔහු ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලාංකිකයින් විසින් මෙලෙස සාමකාමී ව විරෝධතා පැවැත්වූයේ ඔවුන් අසීමිත අයුරින් ජීවිතයේ දුක් විඳින බැව් පෙන්වා දීමට වන බවයි.

එබැවින් හදිසි නීතිය පැනවීමෙන් අර්බුදයන්ට විසඳුම් සෙවීම තව තවත්  දුෂ්කර වන බව ද තානාපතිවරයා පෙන්වා දෙනවා.

හෙට මහින්ද කියන කතාව.

හෙට මහින්ද කියන කතාව.

ආදරණීය ජනතාවනි..
මාගේ පනස්වසකට අධික දේශපාලන ජීව්තය තුළ මා ඔබ වෙනුවෙන් කල සේවය වෙනුවෙන් ඔබ සෑම මොහොතකම මා වෙනුවෙන් පෙනී සිටියා. නමුත් රට තුළ  මේ වන විට පැනනගී ඇති තත්ත්වය මත සහ ජනතාවගෙන් නැගෙන චෝදනා දරාගැනීමට මට ඉතා අපහසුයි.
Sorry..මම යනවා ඔයාලා කන්නවත් අතේ සල්ලි නැති වෙලාවේ කොළඹ ආපු එක අපරාදේ.. බායි...😅😅😅

හොද වෙලාවට පොලිස් කාරයෙක් ලග පාත නැත්තෙ. නැත්තන් දඩත් කන්න වෙනවා 🙂 Sri Lanka Police Srilanka police 🤮

Saturday, 7 May 2022

අරගලයේ චායාරූප පෙලක්













හිල්ටන් බොරු කියයි


ජන අරගලයට එරෙහි වෙමින් ගෝඨා ගෝ ගම ඉවත් කරන්නැයි තමන් කිසි විටෙකත් ප්‍රකාශ නොකල බව ගලදාරි හෝටල් කළමණාකාරීත්වය පවසයි.

ඔවුන් නිකුත් කල නිවේදනයේ සිංහල පරිවර්තනය:

- උපුටා ගැනීම -

ගලදාරි හෝටලය මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙන ජනතා විරෝධතාවන්ට එරෙහිව විවේචන ඉදිරිපත් කර ඇති බවට සමාජ සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සාවද්‍ය තොරතුරු ගලධාරි හෝටලයේ කළමනාකාරිත්වය තරයේ ප්‍රතික්ෂේප කරයි.

එකී ප්‍රතික්ෂේප කිරීම සහ ඊට අගතියක් නොවන ලෙස නැවත වරක් පැහැදිලි කරමින් කළමනාකාරීත්වය පවසන්නේ පවතින විරෝධතා හේතුවෙන් හෝටලයට යම් අපහසුතාවයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී එක් කළමනාකරුවෙකුට විශේෂයෙන් 2022.04.29 වන දින බලධාරීන් විසින් හෝටලයට යන මාර්ගය අවහිර වන පරිදි බාධක යොදා මාර්ග වසා දැමීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ බව පමණක් සඳහන් කර ඇත.

“ගෝඨාගෝගම” ඉවත් කරන ලෙස ඉල්ලා හෝ කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිදුවන ජනතා විරෝධතා විවේචනය කිරීම/ හෙළා දකිමින් කළමනාකාරිත්වය විසින් කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් ලබා දී නොමැත.

1984 ආරම්භයේ සිටම ගලධාරි හෝටලය සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර එය දිගටම කොන්දේසි විරහිතව සිදු කරනු ඇත.

එබැවින් හෝටලයට හෝ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව කිසිදු අපහාසාත්මක, අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රකාශ සහ/හෝ පදනම් විරහිත චෝදනා කිරීමෙන් වළකින ලෙස කළමනාකාරීත්වය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මැතිව්ස්ගෙ සිදුවීම ගැන බංගලාදේශ මහාධිකරණයෙන් නියෝගයක්

  ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිර...