Saturday, 7 May 2022

හිල්ටන් බොරු කියයි


ජන අරගලයට එරෙහි වෙමින් ගෝඨා ගෝ ගම ඉවත් කරන්නැයි තමන් කිසි විටෙකත් ප්‍රකාශ නොකල බව ගලදාරි හෝටල් කළමණාකාරීත්වය පවසයි.

ඔවුන් නිකුත් කල නිවේදනයේ සිංහල පරිවර්තනය:

- උපුටා ගැනීම -

ගලදාරි හෝටලය මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙන ජනතා විරෝධතාවන්ට එරෙහිව විවේචන ඉදිරිපත් කර ඇති බවට සමාජ සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සාවද්‍ය තොරතුරු ගලධාරි හෝටලයේ කළමනාකාරිත්වය තරයේ ප්‍රතික්ෂේප කරයි.

එකී ප්‍රතික්ෂේප කිරීම සහ ඊට අගතියක් නොවන ලෙස නැවත වරක් පැහැදිලි කරමින් කළමනාකාරීත්වය පවසන්නේ පවතින විරෝධතා හේතුවෙන් හෝටලයට යම් අපහසුතාවයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී එක් කළමනාකරුවෙකුට විශේෂයෙන් 2022.04.29 වන දින බලධාරීන් විසින් හෝටලයට යන මාර්ගය අවහිර වන පරිදි බාධක යොදා මාර්ග වසා දැමීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ බව පමණක් සඳහන් කර ඇත.

“ගෝඨාගෝගම” ඉවත් කරන ලෙස ඉල්ලා හෝ කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිදුවන ජනතා විරෝධතා විවේචනය කිරීම/ හෙළා දකිමින් කළමනාකාරිත්වය විසින් කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් ලබා දී නොමැත.

1984 ආරම්භයේ සිටම ගලධාරි හෝටලය සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර එය දිගටම කොන්දේසි විරහිතව සිදු කරනු ඇත.

එබැවින් හෝටලයට හෝ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව කිසිදු අපහාසාත්මක, අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රකාශ සහ/හෝ පදනම් විරහිත චෝදනා කිරීමෙන් වළකින ලෙස කළමනාකාරීත්වය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

No comments:

මැතිව්ස්ගෙ සිදුවීම ගැන බංගලාදේශ මහාධිකරණයෙන් නියෝගයක්

  ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිර...