Tuesday, 10 May 2022

කතානායක අයින් විය යුතුයි

17 ට පෙර පාර්ලිමේන්තුව කැදවන්යි
විපක්ෂ මන්ත්‍රීවරු කුටියට කඩා පැන කියද්දීත්
කන් නොදුන් කතානායකතුමා -
වහාම පාර්ලිමේන්තුව කැදවන්නයි දැන් ජනාධිපතිගෙන්
ඉල්ලයි.

වහා පාර්ලිමේන්තුව කැදවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ වන විට රට තුළ මතුව තිබෙන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා හෙට දිනයේ පක්ෂ නායක හමුවක් කැදවා ඇති බවද කතානායකවරයා පවසයි.

පසුගිය සිකුරාදා දිනයේ දී විපක්ෂ මන්ත්‍රීවරු රැසක් කතානායක නිලකුටියට කඩා වැදී, රට ගිනි ගනිමින් තිබෙන බවත්, 17 වන දා ට පෙර යළි පාර්ලිමේන්තුව කැදවන ලෙසත් කතානායකවරයාට බලකර සිටියද කතානායක ඔවුන්ගේ එම ඉල්ලීම තුට්ටුවකටත් මායිම් නොකර යළි සභාව රැස්වීම 17 වන දා ට කල් දැමුවේ ය.

No comments:

මැතිව්ස්ගෙ සිදුවීම ගැන බංගලාදේශ මහාධිකරණයෙන් නියෝගයක්

  ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිර...