Saturday, 4 November 2023

ශ්‍රී ලංකාවේ වදවී යන ශාක


 වඳ වී යෑමේ රතු දත්ත ලැයි­ස්තුව තවත් දිගු වීමේ අව­දා­න­මක්


ලෝකයේ විවිධ පාරි­ස­රික හා මානව ක්රියා­කා­ර­කම් හේතු­වෙන් වඳ වී යාමේ තර්ජ­න­යට ලක්වූ ශාක හා සත්ත්ව කොටස් ලැයිස්තු ගත කිරීමේ අර­මු­ණින් රතු දත්ත පොත බිහි වී ඇත්තේය. එය එක් අත­කින් පොතක් පම­ණක් නොව ලැබෙන දත්ත විධි­මත් ආකා­ර­යෙන් ලැයිස්තු ගත කිරී­මෙන් මෙම වඳ­වී­යාමේ තර්ජ­න­යට නතු වු ශාක හා සත්ත්ව ප්රජාව රැක ගැනී­මද මෙහි මූලි­කම අර­මු­ණය.
රතු දත්ත පොත බිහි වන්නේ මිහි­පිට ඇති කිසිදු ශාක හෝ සත්ත්ව විශේ­ෂ­යක් වඳ වීමේ තර්ජ­න­යට ලක් නොවන පරිදි ඒවායේ ආර­ක්ෂාව සහ­තික කර­ලීම සඳහා ක්රමෝ­පාය යෙද­වීමේ අර­මු­ණින් පිහි­ටුවා ඇති ස්වභා­වික සම්පත් සංර­ක්ෂ­ණය පිළි­බඳ ජාත්ය­න්තර සංග­මය (IUCN) මූලි­ක­ත්ව­යෙනි.
මෙම රතු දත්ත පොත කොටස් 9 ක වර්ගි­ක­ර­ණ­යකි.
1 වඳ වී ගිය - Extinct (EX)
2 පර­ම්පරා ගත ගහ­න­යෙන් තොර වූ - Extinct in the Wild (EW)
3 වඳවී යාමේ උග්ර තර්ජ­න­යට ලක්වූ - Critically Endangered (CR)
4 වඳ වී යාමේ ඉහළ අව­ධා­න­මක් ඇති - Endangered (EN)
5 අන­තු­රට ලක්විය හැකි - Vulnerable Species (VU)
6 අව­දා­නම හමුවේ ඇති - Near Threatened (NT)
7 අවම අව­දා­නමේ ඇති - Least Concern (LC)
8 දත්ත ඌණතා සහිත - Data Deficient (DD)
9 වර්ගී­ක­ර­ණ­යට ලක් නොකළ - Not Evaluated (NE)
ජාත්ය­න්තර රතු දත්ත පොතේ ආර­ම්භය සනි­ටු­හන් කරන්නේ 1964 වස­රේ­දීය. මෙහි ලොව තර්ජ­න­යට ලක් වූ සත්ත්ව විශේෂ හා උප විශේෂ අන්ත­ර්ගත කොට ඇති අතර පුළුල්ව ජෛව විවි­ධත්ව සනි­ටු­හන් කර ඇත. ජාත්ය­න්තර රතු දත්ත පොත වස­රින් වසර යාව­ත්කා­ලින වන අතර නව­තම දත්ත එහි අන්ත­ර්ගත වෙයි. ලංකාවේ රතු දත්ත පොතේ ආර­ම්භය සනි­ටු­හන් වන්නේ 1988 වස­රේ­දීය. එය ස්ථාප­නය කළේ ස්වභා­වික සම්පත් සංර­ක්ෂ­ණය පිළි­බඳ ජාත්ය­න්තර සංග­මයේ (IUCN) මෙරට ශාඛාව විසිනි. ඒ අනුව ජාත්ය­න්තර නිර්නා­ය­ක­යන්ට අනුව 1999 වස­රේදි ශාක හා සත්ත්ව විශේෂ ඇතු­ළත් කර මේ අය ප්රථම වරට රතු දත්ත පොතක් ලංකාව වෙනු­වෙන්ම නිර්මා­ණය කර­න්නේය. අවු­රුදු 5 කට වතා­වත් රතු දත්ත පොතක් බිහි­විය යුතුව තිබු­ණද නැව­තත් රතු දත්ත පොතක් නිර්මා­ණය වන්නේ 2007 වස­රේ­දීය. මේ සඳහා IUCN ආය­ත­නය සමඟ රජය එකතු වන අතර මේ දෙකෙ­හිම එක­තු­වක් ලෙස මේ පොත නිර්මා­ණය වන්නේය. තෙවැනි රතු දත්ත පොත නිර්මා­ණය වන්නේ 2012 වස­රේ­දිය. ඒ මෙතෙක් මේ සඳහා දායක වූ IUCN දාය­ක­ත්ව­යෙන් නොව තනි­ක­රම රජයේ අනු­ග්ර­හ­යෙනි. කෙසේ වෙතත් රජය විසින් ඒ කට­යුත්ත බාර ගැනී­මෙන් පසු අද වන තෙක් රතු දත්ත පොතක් බිහි වන්නේ නැත.
“2012 රතු දත්ත පොත තමයි මෙතෙක් කළ අව­සන් රතු දත්ත පොත. වසර 5 කට වත­වක් රතු දත්ත පොතක් බිහි­විය යුතු වුවත්, මේ කට­යුත්ත රජය විසින් බාර ගත් පසු මේ වන තෙක් රතු දත්ත පොතක් නිර්මා­ණය කර නැහැ. වසර 8 ක් ගිහි­නුත් මේ කට­යුත්ත සිදු නොවීම විනා­ශ­යක් වශ­යෙ­නුයි අප දකින්නේ.
දිනෙන් දින ලොව නව විශේෂ හඳුන්වා දෙනවා. නමුත් අපේ ලැයි­ස්තුවේ මේ අයට තැනක් දෙන්න විදි­යක් නැහැ.
පසු­ගිය කාලයේ මේ සම්බන්ධ විශේ­ෂඥ දැනු­මැති අය මුද­ලක් නැතිව සහය දුන්නත් ඊට රජ­යෙන් ලැබුණේ අඩු දාය­ක­ත්ව­යක්. අද වන ජීවි කාර්යාල සිය කට­යුතු වලදි, මූලික පරි­සර අධ්යන වාර්තා­ව­ලදී භාවිත කරන්නේ මේ දත්ත. ඒ වගේම උසාවි කට­යුතු වලදි භාවිත කරන්නේ මේ රතු දත්ත. නමුත් දත්ත අලුත් නොවීම නිසා පැරණි දත්ත මත උසාවි තීන්දු තීර­ණය වෙනවා. මූලික පරි­සර අධ්ය­යන වාර්තා­ව­ලදී අලුත් දත්ත නැති වීමෙන් බොහෝ ප්රශ්න උද්ගත වෙනවා.
අද කඳු­කර කොටි කියන්නේ වඳ වෙමින් පව­තින සත්ත්ව විශේ­ෂ­යක්. නමුත් මේ සතුන් පිළි­බඳ 2012 පසු තොර­තුරු යාව­ත්කා­ලීන වී නැති නිසා සංර­ක්ෂණ සැල­සුම් පවා සැක­සීමේ ගැටලු මතු­වෙ­නවා. පරණ වාර්තා මත පද­නම් වී කට­යුතු කර­න්නට සිදු­වීම රටට අග­ති­යක්. ජෛව විවි­ධත්ව ලේකම් කාර්යා­ලය මේ කට­යුතු සම්බ­න්ධී­ක­ර­ණය කළ යුතුයි. .....“ඒ පරි­සර පර්යේ­ෂක ප්රදීප් සම­ර­වි­ක්ර­මය. ජාත්ය­න්ත­ර­යට පම­ණක් නොව ශ්රී ලංකා­වට ආවේ­ණික ශාක හා සත්ත්ව විශේෂ බොහෝ­ම­යක් ජෛව විවි­ධත්ව ලේකම් කාර්යා­ලය විසින් ප්රකා­ශ­යට පත් කරන ලද ‘තර්ජ­න­යට ලක් වූ සත්ත්ව හා වෘක්ෂ­ලතා අව­සන් වරට ජාතික රතු ලැයි­ස්තු­වට ඇතු­ළත් කර ඇත්තේ 2012 දීය.
එයට අනුව ලංකා­වට ආවේ­ණික ජාතික වශ­යෙන් තර්ජ­න­යට ලක් වූ විශේෂ 534 න් 228 ක්ම බර­ප­තළ ලෙස වඳවී යාමේ තර්ජ­න­යට ලක් ව ඇත. ඒ අතර ලංකා­වට ආවේ­ණික ක්ෂීර­පායි සතුන් ගෙන් 86% ක්, ලංකා­වට ආවේ­ණික කුරු­ල්ල­න්ගෙන් 67% ආවේ­ණික උභය ජීවී­න්ගෙන් 78% ක් පමණ අපේ රතු ලැයි­ස්තුව පෝෂ­ණය කරන සත්ත්ව විශේ­ෂයි. තවද ආවේ­ණික උභය ජිවි විශේෂ 19 ක් වඳ වී ගොස් ඇති අතර මෙය බර­ප­ත­ළව අව­ධා­න­යට නතු විය යුතු වූ කරු­ණකි.
මේ වස­රේදි පම­ණක් කොටි මරණ 12 ක් වාර්තා වීමද, දුර්ලභ කළු කොටි විශේෂ තුනක් වාර්තා වීමට තවත් අත­කින් ලංකාවේ වඳ වී ගෙන යන සත්ත්ව ප්රජාව ගැන දෙව­රක් සිතිය යුතු කාල­යකි. එදා කොටි­යක් පහ­සු­වෙන් දැක ගත හැකි ලොව එකම රට වූයේ ලංකා­වය. එහෙත් අද දිනෙන් දින වැඩි වෙමින් පව­තින කොටි මරණ හමුවේ ඉදි­රි­යේ­දිද මේ සත්ත්ව ප්රජාවේ අනා­ග­තය අවි­නි­ශ්චි­තය.
දැනට හදුන් දිවි­යන් මෙන්ම කොළ දිවි­යන් ඇත්තේද ලංකාවේ පමණි. ලංකාවේ රතු දත්ත පොත නිර්මා­ණය කිරීම සඳහා Red Listing Team එකක් සිටි­යද ඔවු­නට සිය කට­යුතු කිරී­මේදි යම් යම් බාධා මෙන්ම සීමා­වන්ට යටත් වීමට සිදු වෙයි. එප­ම­ණක් නොව මේ රතු දත්ත පොත සකස් කිරීමේ කාර්යය ජාතික අව­ශ්ය­තා­වක් වුවත් මේ පිළි­බඳ බල­ධා­රීන් තුළ ඇති අඩු දැනුම මෙන්ම අඩු උන­න්දු­වද මේ සම්බ­න්ධ­යෙන් මුදල් වෙන් කිරීමේ අඩු­පා­ඩුද හේතු­වෙන් අලුත් රතු දත්ත පොතක් නිර්මා­ණය වූයේ නැත. මේ වන විට යම් යම් සංව­ර්ධන කට­යුතු සඳහා ඉඩම් වෙන් කිරී­මේදී රතු දත්ත පොතක් නොමැ­ති­වීමේ අඩුව මෙත­කැයි කියා පැවැ­සිය නොහැකි තරම්ය. අව­ශේෂ වනා­න්තර සංව­ර්ධන කට­යුතු සඳහා භාවිත කරද්දි කැළෑ එළි පෙහෙළි කිරීම නිසා වඳ වීයාමේ තර්ජ­න­යට දැඩිව නතු වු බොහෝ සතුන් නිර­ප­රාදේ විනාශ වී යයි. මෙයට එක් උදා­ර­ණ­යක් වන්නේ පිට­වල පත­නයි.
මෙය බැලු බැල්ල­මට කිසිදු පාරි­ස­රික වැද­ග­ත්ක­මක් නැති ස්ථාන­යක් සේ පෙනු­නද, දුම්බර ගල්පර මැඩියා හා පතන් අල ශාකය ලෝක­යෙන්ම දැනට ඉති­රිව ඇත්තේ පිට­වල පතනෙ පමණි. 2017 වස­රේදී ගැටඹේ ඉදි­කි­රී­මට යෝජිත වූ විදුලි බලා­ගා­රය පිහිටි ඉඩමේ නිසි පරි­සර අධ්ය­යන වාර්තා­වක් සිදු නොවූ­යෙන් ශ්රී ලංකා කොළ ගඩයා නම් මාළු විශේ­ෂය විනාශ වී යාමට ඉඩ තිබූ අතර අව­සාන මොහො­තේදී මේ කට­යුතු නැවැති ගියේ මෙහි ඇති ජෛව විවි­ධත්ව වටි­නා­කම අව­බෝධ වීමෙනි.
“ අපේ රටේ වන ජීවී සංර­ක්ෂ­ණය ප්රධාන ප්රවේශ දෙකක් යටතේ සිදු­වෙ­නවා. ඒ සතුන්ගේ වාස­ස්ථාන ආරක්ෂා කිරීම හා සත්ත්ව හා ශාක විශේෂ ආරක්ෂා කිරීම. ජෛව විවි­ධ­ත්වය යටතේ පරි­සර පද්ධති ආරක්ෂා කිරීම, ජීවී විශේෂ විවි­ධ­ත්වය ආරක්ෂා කිරීම, ප්රවේ­ණික විවි­ධ­ත්වය ආරක්ෂා කිරිම සිදු වෙනවා.
ලංකාවේ වන සත්ත්ව හා වෘක්ෂ­ලතා ආර­ක්ෂණ ආඥා පනතේ පළමු කොට­සින් ආර­ක්ෂිත ප්රදේශ තුනක් නම් කර තියෙ­නවා. එයින් ප්රධාන වන්නේ ජාතික රක්ෂි­තයි. මේ යටතේ තහ­නම් අඩවි, ජාතික උද්යාන, ස්වභා­වික රක්ෂිත, වන පිවි­සුම්, රක්ෂිත ස්ථාන, සමු­ද්රීය ජාතික උද්යාන, ප්රේරක කලාප ඇතු­ළත්. ඊට අම­ත­රව අභය භූමි හා අලි කළ­ම­නා­ක­රණ රක්ෂි­තත් ඇතු­ළත්.
ලංකාවේ වූ මේ පනත යට­තේයි ඇතුන්, දිවි­යන් වැනි සතුන්ගේ ආර­ක්ෂාව තහ­වුරු වන්නේ. නමුත් මේ පනතේ ගැට­ලු­වක් නොමැති වුවද මේ පනත ක්රියා­ත්මක කිරීමේ යාන්ත්ර­ණයේ ගැටලු පව­ති­නවා. වන සංර­ක්ෂ­ණය හා වන ජීවී සංර­ක්ෂ­ණය දර­න්නට පිරිස් බල­යක් නැහැ. වන ජීවි සංර­ක්ෂ­ණ­යට 6000 ක පිරිස් බල­යක් සිටිය යුතු වුවත් සිටින්නේ 1000 ක පමණ පිරිස් බල­යක් පම­ණයි. මෙයින් සම­හ­ර­කට නිසි පුහු­ණු­වක් නැහැ. ඒ වගේම දේශ­පා­ලන ඇඟිලි ගැසීම් නිසා මේ යාන්ත්ර­ණයේ දුර්ව­ලතා ඇති වෙනවා.....“ ඒ ජ්යෙෂ්ඨ පරි­ස­ර­වේදී නීතීඥ ජගත් ගුණ­ව­ර්ධ­නය.
කෙසේ වෙතත් රතු දත්ත පොත සැක­සීම ප්රමාද වීම පම­ණක් නොව පරි­සර සංර­ක්ෂ­ණය කිරී­මේදී ඇති විවිධ බාධා­වන් හි අව­සන් ප්රති­ඵ­ලය වන්නේ තව තවත් වඳ වී යාමේ රතු දත්ත ලැයි­ස්තුව දිගු විමකි. මේ පිළි­බඳ ඉදි­රි­යේදි බල­ධා­රීන් ඇඟිලි නොග­සන්නේ නම් එහි භයා­නක විපත් වලට මුහුණ දෙන්නට සිදු වන්නේ අපේ අනා­ගත පර­ම්ප­රා­ව­ටය.

සුභා­ෂිණි ජය­රත්න - සිළුමිණ පුවත්පත 

No comments:

මැතිව්ස්ගෙ සිදුවීම ගැන බංගලාදේශ මහාධිකරණයෙන් නියෝගයක්

  ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිර...