මෙරට ජනගහනයෙන්, බහුතරයක් පසුගිය මාස 12 තුළ කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
එනම් සියයට 70.9 ක් ලෙසයි සඳහන් වන්නේ.
පසුගිය මාස 12 තුළ සියයට 29.1 ක ප්‍රමාණයක් මධ්‍යසාර භාවිත කර තිබෙන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
ඉන් සියයට 43.3 ක පිරිමි පුද්ගලයින් සහ සියයට 2 දශම 8 ක් කාන්තාවන් බව සඳහන්.
මධ්‍යසාර මිල වැඩි වීම මධ්‍යසාර භාවිතය අඩු කිරීම සඳහා පොදු හේතුව වී තිබෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම වැඩිහිටියන්ගෙන් බහුතරයක් ඵලදායි මිලකරණ ප්‍රතිපත්තිවලට කැමැත්තක් දක්වන බවත් සියයට 73 ක්ම මධ්‍යසාර මිල ඉහළ දමන ක්‍රියාමාර්ගවලට කැමැත්තක් දක්වන බවත් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළා.
No comments:
Post a Comment