Tuesday, 7 June 2022

මතකයට නැගේවා

රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේමකීර්ති සිටියා...එතන යකා වැසී ආවේ ටයිටස් තොටවත්ත..
හේතුව දොස්තර හොද හිත කාටූන් එකට ගීතයක් ලියන්න කිව්වත් ඒක ප්‍රේම්ට අමතක වෙලා..
තද වෙලා ආපු ටයිටස් තොටවත්ත..
"ප්‍රේම් තමුසෙට බැරි නම් බෑ කියනවා කියලා කියලා තියනවා ...
එවෙලෙම ප්‍රේම් ලියල දුන්නලු අපි කවුරුත් දන්න සිංදුව ..." බෑයි කියලා බෑයි කියලා බෑ."..වැඩේ ගොඩ ලු.
දවසක් ආවලු ප්‍රියා සූරිසේන සිංදුවක් ලියා ගන්න ප්‍රේම් ට කියලා..නිකන් නෙවේ අරක්කු බෝතලයකුත් අරගෙන...හැබැයි ප්‍රේම් හදිසි ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියේ...ටක් ගාලා කොලයක් ගත්ත ප්‍රේම් වචන ටිකක් ලියලා ප්‍රියාගේ සාක්කුවට දාලා යන්න ගියාලු...අප්සට් එකේ හිටපු ප්‍රියා අර කොලේ අරං බැලුවම මෙහෙම තිබ්බලු...
හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ..
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙනා ආයුතුවේ...

හෙටත් උඹ බෝතලේ අරං වරෙන් මාව හම්බවෙන්න...ඒකයි ප්‍රේම් කියලා තියෙන්නෙ ...හැබැයි ඒක ලස්සන ප්‍රේම ගීතයක මුල් පද පේලිය උනා..
දවසක් ත්‍රිකුණාමලය වෙරළේ වික්ටර් හා ප්‍රේම් වැතිරිලා අහස දීහා බලං ඉන්න කොට තරුවක් දැකලා එක පාරට ප්‍රේම් කෑගැහුව ලු මෙහෙම..
තනි තරුවේ තනි තරුවේ...ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා..
කියාලා...එකත් අද ප්‍රසිද්ධ සිංදුවක්..
දවසක් සුනිල් එදිරිසිංහ ආවලු ප්‍රේම් අයියා සිංදුව ලිව්වද කියලා අහගෙන....
හරි මම දෙන්නම් ඔයා ගිහිල්ලා එන්න කිව්වලු...
ඇත්තටම ඔහු සිංදුව ලියලා තිබුනේ නෑ...
ඔහු වටපිට බලන කොට දැක්කලු රේස් දාන තැනක අශ්වයා ගේ පිටේ ඉන්න අසරුවා ගේ පින්තූරෙ ...
ඔහු ලිව්වලු සිංදුව ...
මිනිසෙකු පිට නැගි අසරුවෙකි.....
ඒ බර ගෙයි වහලට බරකි....

ප්‍රේමකීර්ති කියන්නෙ ගොඩාක් කැපිලි කෙටිලි වලට ලක් උන පුද්ගලයෙක් ...
ඔහුව මන්නාරම ප්‍රදේයට යැව්වම ලස්සන සිංදුව ක මූලාශ්‍ර ඔහුට හම්බ උනා....

මන්නාරම් පිටිවැල්ලෙ මදටිය වැල් ඔංචිල්ලෙ
කොන්ඩෙ බැදන් හදට අඩං සිංදු කියන්නෙ...කුණ්ඩුමනී....

අනුරාධපුරය යැව්වම ඔහු දැක්කා උදේම මරන්න ගෙනියන්න කොළඹ ට එවන්න හරක් පටවනවා කෝච්චියට ...ඔහු ලිව්වා..

බානින් බැඳ රජරට පෙදෙසින්නෙ..
කෝච්චි යේ නැග කොළඹ ට එන්නෙ..
පිහියේ මුවහත ගෙල සිප ගන්නෙ..
උදේම ඒ කය නිසසල වන්නෙ...

මීට අමතරව ඔහුට කැපිලි දැම්ම අයට දැනෙනෙ මරු සිරා චිත්‍රපටය ට ඔහු සිංදුවක් ලිව්වා ...ඒකත් ලිව්වෙ ලියුම් කවරයක පිටකරයක...
M.S fernando සහ ජෝතිපාල ගායනා කරන

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා ..
රාමාටත් බැරි උනාවු
මහවැඩකට පෙළඹුණා වූ
අපිව දැකලා එයා අඩනවා..

ආපහු කොළඹ ට ආපූ ප්‍රේම් ගුවන් විදුලි සංස්ථාවේ විකාශන මැදිරිය ට පැමිණි පසු විකාශනය පටන් ගන්න කොටම පුටුව වැට්ටුවලු....ඒහඩ ගුවන් විදුලිය හරහා ඇහුනලු...
එතකොට ඔහු මෙහෙම කිව්වලු..

වැටුනේ පුටුව විතරයි
ප්‍රේම කීර්ති වැටුනේ නෑ...

ඔබ සිටියානමි අදට 75 ක් සුබ උපන්දිනක් වෙිවා .නිවන් සුව ලැබෙිවා ..!❤️

Monday, 6 June 2022

ආදරණීය සිතුවිලි






♥️♥️♥️👍👍👍👍

ඉහල පින්තූරයේ ඉන්න කළු තරුණයා සියදිවි නසාගන්න සූදානම්වූ විට පොලිස් නිළධාරියෙක් පැමිණ, එම තරුණයා සමග සුහද කථාබහක යෙදුනා. එහිදී ඔහු එම තරුණයා සන්සුන්කර, ඔහුට කරුනු තේරුම්කරදී ඔහුගේ ජීවිතය බේරාදීමට සමත් උනා. ⬇️
පහල ජායාරූපය එම කළු තරුණයා අවුරුදු 8කට පසු, එම පොලිස් නිළධාරීයට තමන්ගේ ජිවීතය බේරාදීම වෙනුවෙන්, සම්මානයක් ලබාදෙනවිටදී ගත් එකක්. ඒ වනවිට කළු තරුණයා දරුවන් දෙදෙනෙකුගේ පියකුවී සාර්ථක ජීවිතයක් ගතකරමින් සිටිබව සදහන්. ⬇️
කෙවින් බ්‍රිග්ස් නැමති මෙම පොලිස් නිළදාරියා මේ ලෙස සිය ජීවිත 200කට ආසන්න ගණනක් බේරා තිබෙන බව සදහන් උනා.

ප්‍රශ්න කාලයට බාර දෙන්න. උත්සාහය අතහරින්න එපා. ජීවිතයේ හොද කාලය ලගදීම උදාවේවි.

Sunday, 5 June 2022

මැයි මාසයේ නම වන දා පොහොට්ටු පක්ෂ මැරයන් විසින් ගෝඨා ගෝ ගමට සිදු කළ පහරදීමෙන් පසුව


"පොලිස් ස්ථානාධිපතිවරු පත් කරන්නේත්
දේශපාලනඥයන් නම්, 
දේශපාලනඥයා දෙන ලයිස්තු මත සිදු කරන 
අත් අඩංගුවට ගැනීම් සාධාරණ විය හැකි ද..?" 
නීතීඥ සංගමය පොලිස්පතිගෙන් අසයි. 

මැයි මාසයේ නම වන දා පොහොට්ටු පක්ෂ මැරයන් විසින් ගෝඨා ගෝ ගමට සිදු කළ පහරදීමෙන් පසුව, රට පුරා ඇති වූ ප්‍රචණ්ඩත්වය දඩමීමා කර ගනිමින්, විරුද්ධ මත දරන දේශපාලන ක්‍රියාධරයන් දඩයම් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බව විවිධ පාර්ශ්ව චෝදනා කරමින් සිටියි. 

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද අද දිනයේ දී පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබදව ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කර තිබෙන බව පැවසේ. 

මැයි නම වන දා සිදුවීම පදනම් කර ගනිමින් පොලිසිය විසින් අවිචාරවත් ලෙස පුද්ගලයන් අත් අඩංගුවට ගනිමින් සිටින බව තම සංගමයේ සාමාජිකයන් හරහා තමන්ට දැන ගන්නට ලැබී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා පොලිස්පතිවරයාට පවසයි. 

පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළුව ඉහළ පොලිස් නිළධාරීන් පත් කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් මෑතක දී ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිදරව් වී තිබේ. 

විශේෂයෙන්ම, ප්‍රදේශය තුළ සිටින ජ්‍යේෂ්ඨ දේශපාලනයන් පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේදී මැදිහත් වූ බව පොලිස්පතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති බව වාර්තා විය. 

එවැනි තත්ත්වයක් තුළ, නිවැරදි සාක්ෂි මත පදනම් නොවී, දේශපාලනඥයන් විසින් ලබාදෙන ලද නාම ලේඛන මත පිහිටා අත් අඩංගුවට ගැනීම් සිදුවන බවත් එය පිළිගත හැකි තත්ත්වයක් නොවන බවත් නීතීඥ සංගමය පවසයි. 

මැයි නම වන දා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති ඇතැම් පුද්ගලයන්, අදාල සිද්ධීන් සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශවල නොසිටි බව තහවුරු වී තිබිය දීත් අත් අඩංගුවට ගෙන ඇති අවස්ථා පිළිබදව ද වාර්තා වී තිබේ. 

මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින්, තමන් යටතේ සිටින පොලිස් නිළධාරීන්ට, අපක්ෂපාතීව කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන්නැයි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිගෙන් ඉල්ලා සිටියි.

මැතිව්ස්ගෙ සිදුවීම ගැන බංගලාදේශ මහාධිකරණයෙන් නියෝගයක්

  ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිර...