Wednesday, 8 November 2023

මැතිව්ස්ගෙ සිදුවීම ගැන බංගලාදේශ මහාධිකරණයෙන් නියෝගයක්


 ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිරීම‍ සඳහා ICCයෙන් ඉල්ලීමක් නොකිරීමට හේතු මොනවාදැයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගෙන් එරට මහාධිකරණය ප්‍රශ්න කර තිබෙන බවට වාර්තා වනවා.

මැතිව්ස්ගේ ආන්දෝලනාත්මක දැවී යාම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් තරග විචාරකයින් විසින් විවේචනය කිරීමට එරෙහිව අධිකරණය වෙත ගොනුකර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මහාධිකරණය මෙම නියෝගය ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ එහි සභාපතිවරයාට දින 10ක කාලයක් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ් සමග විස්තර විචාරක කුටියේ සිටි වකා යුනිස් විසින් ශකිබ් කළ ඉල්ලීම ක්‍රීඩකයෙකුගේ හැසිරීමක් නොවන බව පවසමින් එය විවේචනය කිරීමට එරෙහිව එරට නීතිඥවරයෙකු වන Rahman Khan විසින් එම පෙත්සම ගොනුකර තිබෙන බව සඳහන්.

එය විභාගයට ගත් විනිසුරුවරුන් වන Mustafa Zaman Islam සහ Md Atabullah විසින් මෙම නියෝගය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.


Saturday, 4 November 2023

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක්

 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක්

 

 

ලෝකයේ දස ලක්ෂයකට වැඩි ශාක විශේෂ ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී යන බව එක්සත් ජාතීන් විසින් නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දී ඇත. මානව වර්ගයාගේ පැවැත්ම රඳා පවතින ස්වභාවික සම්පත් විනාශයට පත්වන ආකාරය ද මේ දැක්වේ. 


පිරිසුදු වාතය, පානීය ජලය, කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නා වනාන්තර, පරාගන ක්‍රියාවලිය සිදුකරන කෘමීන්, ප්‍රෝටීන් සම්පත බහුල මත්ස්‍යයන්, කඩොලාන පරිසර පද්ධතීන් ක්‍රියාකාරීත්වය දැඩි ලෙස අඩුවෙමින් වඳ වී යමින් පවතින බවත් මේ වාර්තාවේ සඳහන් කර ඇත. 


රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්නන් සඳහා වූ පිටු 44කින් සමන්විත සාරාංශය අනුව ශාක හා සත්ත්ව විශේෂ වඳ වී ජෛව විවිධත්වය පහළ වැටීම හා ගෝලීය උණුසුම ඉහළ යාම අතර කිට්ටු සම්බන්ධයක් තිබේ. විද්‍යාඥයන් විසින් කරන ලද අධ්‍යයනයන්හි සාරය සහිත එක්සත් ජාතීන්ගේ තක්සේරුව පිටු 1800කින් සමන්විතය.


මෙම වාර්තාව සමාලෝචනය කිරීම සඳහා රටවල් 130ක නියෝජිතයන් අප්‍රේල් මස 29 දා සිට පැරිසියේදී රැස් වී මෙහි විධායක සාරාංශය පෙළගැස්වීමට නියමිතව තිබිණි. එහිදී ඇතැම් වචන වෙනස් වනු ඇත. නමුත් වාර්තාවේ අඩංගු දත්ත හා තොරතුරු වෙනස් නොවනු ඇත. 


‘‘අප හඳුනාගත යුතුයි, දේශගුණික විපර්යාස සේම පරිසර පද්ධති අහිමිවීමත් එකසේ වැදගත් බව. පරිසරය සඳහා පමණක් නොව, සංවර්ධනය හා ආර්ථිකය සම්බන්ධයෙන් ගැටලු ද වැදගත් වනවා.’’ යනුවෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාව සැකසීමේ කමිටුවේ සභාපති රොබට් වොට්සන් මහතා තම සොයාගැනීම් අනාවරණය නොකර පවසා ඇත. 
"අපේ ආහාර හා බලශක්ති නිපදවන ආකාරය පරිසර පද්ධතීන් රැකගැනීමේ නියාමන ක්‍රමවේදයට හානි පමුණුවනවා." යැයි ද ඔහු පවසයි. 'පරිවර්තනීය වෙනසක්' කළ යුතුයි. ඒ මගින් හානිය වළක්වා ගැනීමට හැකිවනවා. නැවත වනවගාව සහ කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, හරිතාගාර වායු විමෝචනය ස්වභාවික පරිසර පද්ධතීන් විනාශ වීමට හේතුවක් වී තිබෙනවා." 


ජෛව විවිධත්වය හා පරිසර පද්ධති සේවා පිළිබඳ අන්තර් රාජ්‍ය විද්‍යා ප්‍රතිපත්ති ආයතනය අනතුරු අඟවමින් පවසා ඇත්තේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා ශාක විශේෂ ලෝකයෙන් තුරන්වීම ඉතා වේගවත්ව සිදුවෙමින් පවතින බවයි. 


පසුගිය වසර ලක්ෂ 100ක කාලයට වඩා වඳ වී යාමේ වේගය දහ ගුණයක සිට සිය ගුණයක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විද්‍යාඥයන් අනාවරණය කර ඇත. 
ඔවුන් පවසන්නේ ලෝකයේ සිටින සත්ත්ව හා ශාක විශේෂ අතරින් විශේෂ ලක්ෂ පහත් ලක්ෂ දහයත් අතර සංඛ්‍යාවක් වඳ වී යාම ඉදිරි දශක කිහිපයේ දී වඳ වී යනු ඇති බවයි. මෙය අතිවිශාල සංඛ්‍යාවක් බවත් මිහිතලයේ සියලු කාර්යයන්හි සමතුලිතතාව මේ හේතුවෙන් බිඳී යනු ඇති බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවති. 


බොහෝ විද්වතුන්ගේ මතය වන්නේ අතීතයේ මහා වඳ වී යාමක් සිදුව ඇති බවයි. පසුගිය වසර බිලියන භාගයක කාලයේ දී එවැනි වඳ වී යාම් හයක් සිදුව තිබෙන බව දැන් විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන ඇත. එමෙන්ම මේ ආකාරයේ මහා වඳවීයාමක් තවදුරටත් සිදුවන බවත් දැන් පැමිණ ඇත්තේ එම යුගයට බවත් ඔවුන්ගේ පිළිගැනීම වී ඇත. 
මෙහි ප්‍රධානතම සිදුවීම ක්‍රිටේසීය යුගයේ දී අදින් වසර ලක්ෂ 660කට පෙර කාලයේ දී කිලෝමීටර 10ක පමණ විෂ්කම්භයක් සහිත ග්‍රාහකයක් පැමිණ පෘථිවියේ ගැටීමෙන් සිදුවන්නට ඇති බව ලෝකයේ පිළිගැනීම වී ඇත. එම ග්‍රාහකය ගැටීමත් සමග සිදුවූ විනාශයෙන් ලෝකය මත සිටි සියලු ජීවීන් අතුගෑවී ගිය බවත් ඩයිනෝසරයන් වඳ වූයේ ඒ ආකාරයෙන් බවත් විශ්වාස කෙරේ. 


විද්‍යාඥයන්ගේ ගණන් බැලීම් අනුව පෘතුවියේ විවිධාකාර ශාක සහ සත්ත්ව විශේෂ ලක්ෂ 80ක් පමණ ඇති අතර ඉන් බහුතරය කෘමීන්ය. මේ වාර්තාවෙන් හතරෙන් එකක පමණ ප්‍රමාණයක පෙන්වාදෙන්නේ විවිධ හේතූන් නිසා ශාක හා සත්ත්ව විශේෂ වඳ වී යන ආකාරයයි. 


"ලෝකය පුරා සිටින සමස්ත ප්‍රජාව වෙනුවෙන් සේවා ලබාදෙන තිරසර ලෝකයක් බලාපොරොත්තු වනවානම්, අප විසින් දැනට ගමන් කරමින් සිටින මාර්ගය ඉදිරි වසර දහය තුළ විශාල වශයෙන් වෙනස් කළ යුතුයි. ඒ වෙනස සිදු නොකරන්නේ නම් මේ මහා විනාශය වැළැක්විය නොහැකියි."


දේශගුණය හා ජෛව විවිධත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු වන ලෝක වනජීවී භාරයේ ප්‍රධාන විද්‍යාඥ රෙබෙකා ෂෝ එසේ සඳහන් කරයි. 


ශාක හා සත්ත්ව විශේෂ විනාශ වී යාමට හේතු වී ඇත්තේ වාසස්ථාන අහිමිවීම, භූමි පරිභෝජනය, අාහාර සඳහා දඩයම් කිරීම, නීති විරෝධී ලෙස සත්ත්ව කොටස් වෙළෙඳාම, කාලගුණික වෙනස්වීම්, පරිසර දූෂණය, ආගන්තුක ආක්‍රමණික විශේෂ, මීයන්, මදුරුවන්, සර්පයන් වැනි සතුන්ගේ බලපෑම බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දී ඇත. 
ජෛව විවිධත්වය අඩුවීමට හා දේශගුණික විපර්යාසවලට වක්‍රාකරයෙන් හේතු වන ප්‍රධාන සාධක දෙකක් දක්නට ලැබෙයි. විද්‍යාඥයන් පවසන්නේ ඒ ලෝකයේ සිටින මිනිසුන් ප්‍රමාණය වේගයෙන් වැඩිවෙමින් පැවතීම සහ ඔවුගේ පරිභෝජනය වැඩිවීම එම හේතු‌ දෙක බවයි. සත්ත්ව හා ශාක පැවැත්මට හානිකර ප්‍රාථමික තර්ජනය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමයි. 

 

 


19 වැනි සියවසේ මැද භාගය හා සැසඳීමේ දී ගෝලීය උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක එකකින් වැඩිවී ඇත. මෙය ශාක සංහතියේ පැවැත්මේ හා ව්‍යාප්තියේ වෙනස්කම් ඇති කිරීමට ප්‍රධාන හේතුවක් වෙයි. 


2015 දී පැරිසියේ දී අත්සන් කළ ගෝලීය උණුසුම පිළිබඳ සම්මුතියේ දී එකඟ වූයේ ලෝකයේ සියලු ජාතීන් ගෝලීය උෂ්ණත්වය පහත හෙළීමට දායක විය යුතු බවයි. එහි ඉලක්කය වූයේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් පහත දමා ගැනීමයි. 


මේ සඳහා ලෝකය පුරා සියලු රාජ්‍යයන්ට බලපෑම් කළ ද පසුගිය ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ දේශගුණික වාර්තාවක් සඳහන් කළේ මාරාන්තික උෂ්ණත්වයන්, නියඟ, ගංවතුර හා කුණාටු වැනි ස්වභාවික විපත් වැඩිපුර ඇතිවීමටත් ඒවායේ තීව්‍රතාව වැඩිවීමටත් මෙලෙස ගෝලීය උණුසුම ඉහළයාම තවදුරටත් බලපා ඇති බවයි. ස්වභාවික පරිසරයට අහිතකර ලෙස බලපෑ හැකි දේශගුණික විපර්යාසයන්ට විසඳුම් ගැන ද එක්සත් ජාතීන් විසින් නිකුත් කළ මෙම නව වාර්තාවෙන් අනතුරු හඟවා ඇත. 
නිදසුනක් ලෙස ජෛව ඉන්ධන භාවිතය හේතුවෙන් කාබන් මුදාහැරීම හා ඒකරාශී වීම බහුලව සිදුවෙනවා. ඒ හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් නිදහස් වනවා. ගෝලීය උණුසුම ඉහළ යනවා. මේ සඳහා හරිත පරිසරයක් ගොඩනැගීම හා හරිත බලශක්තියට මාරුවීම අවශ්‍ය වෙනවා. නමුත් එය ප්‍රමාණවත්ව සිදුවනවා ද යන්න ගැටලුවක්. 
මහිතලය මත ජීවයේ වත්මන් තත්ත්වය කුමක් ද?


·කොඳු ඇට පෙළක් සහිත හෙවත් පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ දෙකක් සෑම වර්ෂයකම මිහිතලයෙන් වඳ වී යයි. මෙය පසුගිය ශත වර්ෂයේ වඳ වී ගිය සත්ත්ව විශේෂ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය ලෙස ගණනය කර ඇත.


·උභය ජීවීන්ගෙන් සියයට 41ක් හා ක්ෂීරපායී සත්ත්ව විශේෂවලින් හතරෙන් එකක් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. 


·මිහිතලයේ ඇති ශාක හා සත්ත්ව විශේෂ සංඛ්‍යාව ලක්ෂ 87ක් පමණ වෙතැයි විශ්වාස කරයි. ඉන් ගොඩබිම විශේෂවලින් සියයට 86ක් හා මුහුදේ විශේෂවලින් සියයට 91ක් මෙතෙක් හඳුනාගෙන නැත. 


·අප හඳුනාගෙන ඇති විශේෂ අතරින් ක්ෂීරපායී විශේෂ 1,204ක්, පක්ෂි විශේෂ 1,469ක්, උරගයන් විශේෂ 1,215ක්, උභයජීවී විශේෂ 2,100ක් හා මත්ස්‍ය විශේෂ 2,386ක් වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටිති. 


·කෘමි විශේෂ 1,414ක්, මොලුස්කාවන් 2,187ක්, කකුළුවන් 732ක්, කොරල් විශේෂ 237ක්, ශාක විශේෂ 12,505ක්, හතු වර්ග 33ක් සහ දුඹුරු ඇල්ගී විශේෂ හයක් මෙලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටිති.


·හඳුනාගත් පෘෂ්ඨවංශී සතුන් අතරින් මසුන්, පක්ෂීන්, ක්ෂීරපායීන්, උභයජීවීන් හා උරගයන් විශේෂ 3,706ක් හඳුනාගෙන ඇත්තේ 1970 සිට 2012 අතර කාලයේ දීය. 
·2017 රතු දත්ත පොත යාවත්කාලීන කිරීමේ දී 91,523ක් වූ විශේෂ අතරින් 25,000ක් විශේෂ තර්ජනයට ලක්වූ විශේෂ ලෙස වර්ග කර ඇත. 

 

 


·ඉන් විශේෂ 5,583ක් දැඩි අන්තරායකාරී මට්ටමට පත්ව ඇත. විශේෂ 8,455ක් තර්ජනයට ලක්ව ඇති අතර විශේෂ 11,783ක් අවදානමට ලක් වූ විශේෂ ලෙස හඳුනාගෙන තිබේ. 
මෙම වාර්තාව පවසන්නේ කුමක් ද ?


·භූමියෙන් හතරෙන් තුනක්, සමුද්‍රීය පරිසරයෙන් සියයට 40ක්, ලොව පුරා ජල මාර්ගවලින් සියයට 50ක්ම දැඩි ලෙස වෙනස්කම්වලට භාජනය වී ඇත. 


·ස්වභාවික සම්පත් දායකත්වයෙන් මිනිසාගේ යහ පැවැත්මට වඩාත් ඉවහල් වන ප්‍රදේශ බොහොමයක් ආදිවාසී ජනකොටස් හා ලෝකයේ දුප්පත්ම ජනතාව ජීවත්වන ප්‍රදේශ වන අතර ඒවා ද දේශගුණික විපර්යාසයන්ට ගොදුරුවෙමින් පවතී. 


·ලෝකය පුරා බිලියන දෙකක ජනතාවක් බලශක්ති සඳහා දැව ඉන්ධන භාවිත කරයි. බිලියන හතරක් ස්වභාවික ඖෂධ කෙරෙහි විශ්වාසය තබති. ලෝකයේ ආහාර නිෂ්පාදනයේ සියයට 75ක් සඳහා සත්ත්ව පරාගනය අවශ්‍ය වේ. මෙය සිදුවන්නේ වැඩිපුරම කෘමීන් මගිනි. කෘමීන් ඉතා වේගයෙන් මිහිතලයෙන් සමුගනිමින් සිටින සත්ත්ව කොට්ඨාසයකි. 
·පසුගිය වසර 50ක කාලයේ දී මිනිසුන් මැදිහත්වීමෙන් ඉඩම් හා සමුද්‍රීය පරිසර පද්ධතිවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අවුල් ජාලයක් බවට පත්ව ඇත. 


·ධීවර කර්මාන්තය, කාර්මික කෘෂිකර්මාන්තය, පශු සම්පත් නිෂ්පාදනය නැවත වන වගාව, පතල් කැණීම හෝ ජෛව ඉන්ධන හෝ පොසිල ඉන්ධන අපතේ යාම අකාර්යක්ෂම හා අධික පරිභෝජනය හේතුවෙන් අධික ලෙස සිදුවෙයි. 

 


සජීව විජේවීර

ශ්‍රී ලංකාවේ වදවී යන ශාක


 වඳ වී යෑමේ රතු දත්ත ලැයි­ස්තුව තවත් දිගු වීමේ අව­දා­න­මක්


ලෝකයේ විවිධ පාරි­ස­රික හා මානව ක්රියා­කා­ර­කම් හේතු­වෙන් වඳ වී යාමේ තර්ජ­න­යට ලක්වූ ශාක හා සත්ත්ව කොටස් ලැයිස්තු ගත කිරීමේ අර­මු­ණින් රතු දත්ත පොත බිහි වී ඇත්තේය. එය එක් අත­කින් පොතක් පම­ණක් නොව ලැබෙන දත්ත විධි­මත් ආකා­ර­යෙන් ලැයිස්තු ගත කිරී­මෙන් මෙම වඳ­වී­යාමේ තර්ජ­න­යට නතු වු ශාක හා සත්ත්ව ප්රජාව රැක ගැනී­මද මෙහි මූලි­කම අර­මු­ණය.
රතු දත්ත පොත බිහි වන්නේ මිහි­පිට ඇති කිසිදු ශාක හෝ සත්ත්ව විශේ­ෂ­යක් වඳ වීමේ තර්ජ­න­යට ලක් නොවන පරිදි ඒවායේ ආර­ක්ෂාව සහ­තික කර­ලීම සඳහා ක්රමෝ­පාය යෙද­වීමේ අර­මු­ණින් පිහි­ටුවා ඇති ස්වභා­වික සම්පත් සංර­ක්ෂ­ණය පිළි­බඳ ජාත්ය­න්තර සංග­මය (IUCN) මූලි­ක­ත්ව­යෙනි.
මෙම රතු දත්ත පොත කොටස් 9 ක වර්ගි­ක­ර­ණ­යකි.
1 වඳ වී ගිය - Extinct (EX)
2 පර­ම්පරා ගත ගහ­න­යෙන් තොර වූ - Extinct in the Wild (EW)
3 වඳවී යාමේ උග්ර තර්ජ­න­යට ලක්වූ - Critically Endangered (CR)
4 වඳ වී යාමේ ඉහළ අව­ධා­න­මක් ඇති - Endangered (EN)
5 අන­තු­රට ලක්විය හැකි - Vulnerable Species (VU)
6 අව­දා­නම හමුවේ ඇති - Near Threatened (NT)
7 අවම අව­දා­නමේ ඇති - Least Concern (LC)
8 දත්ත ඌණතා සහිත - Data Deficient (DD)
9 වර්ගී­ක­ර­ණ­යට ලක් නොකළ - Not Evaluated (NE)
ජාත්ය­න්තර රතු දත්ත පොතේ ආර­ම්භය සනි­ටු­හන් කරන්නේ 1964 වස­රේ­දීය. මෙහි ලොව තර්ජ­න­යට ලක් වූ සත්ත්ව විශේෂ හා උප විශේෂ අන්ත­ර්ගත කොට ඇති අතර පුළුල්ව ජෛව විවි­ධත්ව සනි­ටු­හන් කර ඇත. ජාත්ය­න්තර රතු දත්ත පොත වස­රින් වසර යාව­ත්කා­ලින වන අතර නව­තම දත්ත එහි අන්ත­ර්ගත වෙයි. ලංකාවේ රතු දත්ත පොතේ ආර­ම්භය සනි­ටු­හන් වන්නේ 1988 වස­රේ­දීය. එය ස්ථාප­නය කළේ ස්වභා­වික සම්පත් සංර­ක්ෂ­ණය පිළි­බඳ ජාත්ය­න්තර සංග­මයේ (IUCN) මෙරට ශාඛාව විසිනි. ඒ අනුව ජාත්ය­න්තර නිර්නා­ය­ක­යන්ට අනුව 1999 වස­රේදි ශාක හා සත්ත්ව විශේෂ ඇතු­ළත් කර මේ අය ප්රථම වරට රතු දත්ත පොතක් ලංකාව වෙනු­වෙන්ම නිර්මා­ණය කර­න්නේය. අවු­රුදු 5 කට වතා­වත් රතු දත්ත පොතක් බිහි­විය යුතුව තිබු­ණද නැව­තත් රතු දත්ත පොතක් නිර්මා­ණය වන්නේ 2007 වස­රේ­දීය. මේ සඳහා IUCN ආය­ත­නය සමඟ රජය එකතු වන අතර මේ දෙකෙ­හිම එක­තු­වක් ලෙස මේ පොත නිර්මා­ණය වන්නේය. තෙවැනි රතු දත්ත පොත නිර්මා­ණය වන්නේ 2012 වස­රේ­දිය. ඒ මෙතෙක් මේ සඳහා දායක වූ IUCN දාය­ක­ත්ව­යෙන් නොව තනි­ක­රම රජයේ අනු­ග්ර­හ­යෙනි. කෙසේ වෙතත් රජය විසින් ඒ කට­යුත්ත බාර ගැනී­මෙන් පසු අද වන තෙක් රතු දත්ත පොතක් බිහි වන්නේ නැත.
“2012 රතු දත්ත පොත තමයි මෙතෙක් කළ අව­සන් රතු දත්ත පොත. වසර 5 කට වත­වක් රතු දත්ත පොතක් බිහි­විය යුතු වුවත්, මේ කට­යුත්ත රජය විසින් බාර ගත් පසු මේ වන තෙක් රතු දත්ත පොතක් නිර්මා­ණය කර නැහැ. වසර 8 ක් ගිහි­නුත් මේ කට­යුත්ත සිදු නොවීම විනා­ශ­යක් වශ­යෙ­නුයි අප දකින්නේ.
දිනෙන් දින ලොව නව විශේෂ හඳුන්වා දෙනවා. නමුත් අපේ ලැයි­ස්තුවේ මේ අයට තැනක් දෙන්න විදි­යක් නැහැ.
පසු­ගිය කාලයේ මේ සම්බන්ධ විශේ­ෂඥ දැනු­මැති අය මුද­ලක් නැතිව සහය දුන්නත් ඊට රජ­යෙන් ලැබුණේ අඩු දාය­ක­ත්ව­යක්. අද වන ජීවි කාර්යාල සිය කට­යුතු වලදි, මූලික පරි­සර අධ්යන වාර්තා­ව­ලදී භාවිත කරන්නේ මේ දත්ත. ඒ වගේම උසාවි කට­යුතු වලදි භාවිත කරන්නේ මේ රතු දත්ත. නමුත් දත්ත අලුත් නොවීම නිසා පැරණි දත්ත මත උසාවි තීන්දු තීර­ණය වෙනවා. මූලික පරි­සර අධ්ය­යන වාර්තා­ව­ලදී අලුත් දත්ත නැති වීමෙන් බොහෝ ප්රශ්න උද්ගත වෙනවා.
අද කඳු­කර කොටි කියන්නේ වඳ වෙමින් පව­තින සත්ත්ව විශේ­ෂ­යක්. නමුත් මේ සතුන් පිළි­බඳ 2012 පසු තොර­තුරු යාව­ත්කා­ලීන වී නැති නිසා සංර­ක්ෂණ සැල­සුම් පවා සැක­සීමේ ගැටලු මතු­වෙ­නවා. පරණ වාර්තා මත පද­නම් වී කට­යුතු කර­න්නට සිදු­වීම රටට අග­ති­යක්. ජෛව විවි­ධත්ව ලේකම් කාර්යා­ලය මේ කට­යුතු සම්බ­න්ධී­ක­ර­ණය කළ යුතුයි. .....“ඒ පරි­සර පර්යේ­ෂක ප්රදීප් සම­ර­වි­ක්ර­මය. ජාත්ය­න්ත­ර­යට පම­ණක් නොව ශ්රී ලංකා­වට ආවේ­ණික ශාක හා සත්ත්ව විශේෂ බොහෝ­ම­යක් ජෛව විවි­ධත්ව ලේකම් කාර්යා­ලය විසින් ප්රකා­ශ­යට පත් කරන ලද ‘තර්ජ­න­යට ලක් වූ සත්ත්ව හා වෘක්ෂ­ලතා අව­සන් වරට ජාතික රතු ලැයි­ස්තු­වට ඇතු­ළත් කර ඇත්තේ 2012 දීය.
එයට අනුව ලංකා­වට ආවේ­ණික ජාතික වශ­යෙන් තර්ජ­න­යට ලක් වූ විශේෂ 534 න් 228 ක්ම බර­ප­තළ ලෙස වඳවී යාමේ තර්ජ­න­යට ලක් ව ඇත. ඒ අතර ලංකා­වට ආවේ­ණික ක්ෂීර­පායි සතුන් ගෙන් 86% ක්, ලංකා­වට ආවේ­ණික කුරු­ල්ල­න්ගෙන් 67% ආවේ­ණික උභය ජීවී­න්ගෙන් 78% ක් පමණ අපේ රතු ලැයි­ස්තුව පෝෂ­ණය කරන සත්ත්ව විශේ­ෂයි. තවද ආවේ­ණික උභය ජිවි විශේෂ 19 ක් වඳ වී ගොස් ඇති අතර මෙය බර­ප­ත­ළව අව­ධා­න­යට නතු විය යුතු වූ කරු­ණකි.
මේ වස­රේදි පම­ණක් කොටි මරණ 12 ක් වාර්තා වීමද, දුර්ලභ කළු කොටි විශේෂ තුනක් වාර්තා වීමට තවත් අත­කින් ලංකාවේ වඳ වී ගෙන යන සත්ත්ව ප්රජාව ගැන දෙව­රක් සිතිය යුතු කාල­යකි. එදා කොටි­යක් පහ­සු­වෙන් දැක ගත හැකි ලොව එකම රට වූයේ ලංකා­වය. එහෙත් අද දිනෙන් දින වැඩි වෙමින් පව­තින කොටි මරණ හමුවේ ඉදි­රි­යේ­දිද මේ සත්ත්ව ප්රජාවේ අනා­ග­තය අවි­නි­ශ්චි­තය.
දැනට හදුන් දිවි­යන් මෙන්ම කොළ දිවි­යන් ඇත්තේද ලංකාවේ පමණි. ලංකාවේ රතු දත්ත පොත නිර්මා­ණය කිරීම සඳහා Red Listing Team එකක් සිටි­යද ඔවු­නට සිය කට­යුතු කිරී­මේදි යම් යම් බාධා මෙන්ම සීමා­වන්ට යටත් වීමට සිදු වෙයි. එප­ම­ණක් නොව මේ රතු දත්ත පොත සකස් කිරීමේ කාර්යය ජාතික අව­ශ්ය­තා­වක් වුවත් මේ පිළි­බඳ බල­ධා­රීන් තුළ ඇති අඩු දැනුම මෙන්ම අඩු උන­න්දු­වද මේ සම්බ­න්ධ­යෙන් මුදල් වෙන් කිරීමේ අඩු­පා­ඩුද හේතු­වෙන් අලුත් රතු දත්ත පොතක් නිර්මා­ණය වූයේ නැත. මේ වන විට යම් යම් සංව­ර්ධන කට­යුතු සඳහා ඉඩම් වෙන් කිරී­මේදී රතු දත්ත පොතක් නොමැ­ති­වීමේ අඩුව මෙත­කැයි කියා පැවැ­සිය නොහැකි තරම්ය. අව­ශේෂ වනා­න්තර සංව­ර්ධන කට­යුතු සඳහා භාවිත කරද්දි කැළෑ එළි පෙහෙළි කිරීම නිසා වඳ වීයාමේ තර්ජ­න­යට දැඩිව නතු වු බොහෝ සතුන් නිර­ප­රාදේ විනාශ වී යයි. මෙයට එක් උදා­ර­ණ­යක් වන්නේ පිට­වල පත­නයි.
මෙය බැලු බැල්ල­මට කිසිදු පාරි­ස­රික වැද­ග­ත්ක­මක් නැති ස්ථාන­යක් සේ පෙනු­නද, දුම්බර ගල්පර මැඩියා හා පතන් අල ශාකය ලෝක­යෙන්ම දැනට ඉති­රිව ඇත්තේ පිට­වල පතනෙ පමණි. 2017 වස­රේදී ගැටඹේ ඉදි­කි­රී­මට යෝජිත වූ විදුලි බලා­ගා­රය පිහිටි ඉඩමේ නිසි පරි­සර අධ්ය­යන වාර්තා­වක් සිදු නොවූ­යෙන් ශ්රී ලංකා කොළ ගඩයා නම් මාළු විශේ­ෂය විනාශ වී යාමට ඉඩ තිබූ අතර අව­සාන මොහො­තේදී මේ කට­යුතු නැවැති ගියේ මෙහි ඇති ජෛව විවි­ධත්ව වටි­නා­කම අව­බෝධ වීමෙනි.
“ අපේ රටේ වන ජීවී සංර­ක්ෂ­ණය ප්රධාන ප්රවේශ දෙකක් යටතේ සිදු­වෙ­නවා. ඒ සතුන්ගේ වාස­ස්ථාන ආරක්ෂා කිරීම හා සත්ත්ව හා ශාක විශේෂ ආරක්ෂා කිරීම. ජෛව විවි­ධ­ත්වය යටතේ පරි­සර පද්ධති ආරක්ෂා කිරීම, ජීවී විශේෂ විවි­ධ­ත්වය ආරක්ෂා කිරීම, ප්රවේ­ණික විවි­ධ­ත්වය ආරක්ෂා කිරිම සිදු වෙනවා.
ලංකාවේ වන සත්ත්ව හා වෘක්ෂ­ලතා ආර­ක්ෂණ ආඥා පනතේ පළමු කොට­සින් ආර­ක්ෂිත ප්රදේශ තුනක් නම් කර තියෙ­නවා. එයින් ප්රධාන වන්නේ ජාතික රක්ෂි­තයි. මේ යටතේ තහ­නම් අඩවි, ජාතික උද්යාන, ස්වභා­වික රක්ෂිත, වන පිවි­සුම්, රක්ෂිත ස්ථාන, සමු­ද්රීය ජාතික උද්යාන, ප්රේරක කලාප ඇතු­ළත්. ඊට අම­ත­රව අභය භූමි හා අලි කළ­ම­නා­ක­රණ රක්ෂි­තත් ඇතු­ළත්.
ලංකාවේ වූ මේ පනත යට­තේයි ඇතුන්, දිවි­යන් වැනි සතුන්ගේ ආර­ක්ෂාව තහ­වුරු වන්නේ. නමුත් මේ පනතේ ගැට­ලු­වක් නොමැති වුවද මේ පනත ක්රියා­ත්මක කිරීමේ යාන්ත්ර­ණයේ ගැටලු පව­ති­නවා. වන සංර­ක්ෂ­ණය හා වන ජීවී සංර­ක්ෂ­ණය දර­න්නට පිරිස් බල­යක් නැහැ. වන ජීවි සංර­ක්ෂ­ණ­යට 6000 ක පිරිස් බල­යක් සිටිය යුතු වුවත් සිටින්නේ 1000 ක පමණ පිරිස් බල­යක් පම­ණයි. මෙයින් සම­හ­ර­කට නිසි පුහු­ණු­වක් නැහැ. ඒ වගේම දේශ­පා­ලන ඇඟිලි ගැසීම් නිසා මේ යාන්ත්ර­ණයේ දුර්ව­ලතා ඇති වෙනවා.....“ ඒ ජ්යෙෂ්ඨ පරි­ස­ර­වේදී නීතීඥ ජගත් ගුණ­ව­ර්ධ­නය.
කෙසේ වෙතත් රතු දත්ත පොත සැක­සීම ප්රමාද වීම පම­ණක් නොව පරි­සර සංර­ක්ෂ­ණය කිරී­මේදී ඇති විවිධ බාධා­වන් හි අව­සන් ප්රති­ඵ­ලය වන්නේ තව තවත් වඳ වී යාමේ රතු දත්ත ලැයි­ස්තුව දිගු විමකි. මේ පිළි­බඳ ඉදි­රි­යේදි බල­ධා­රීන් ඇඟිලි නොග­සන්නේ නම් එහි භයා­නක විපත් වලට මුහුණ දෙන්නට සිදු වන්නේ අපේ අනා­ගත පර­ම්ප­රා­ව­ටය.

සුභා­ෂිණි ජය­රත්න - සිළුමිණ පුවත්පත 

Wednesday, 13 September 2023

පළමු වරට Granular Backfill හමුවීමට පෙර ඔබ දැනගත යුතු කරුණු 6ක්

 පළමු වරට Granular Backfill හමුවීමට පෙර ඔබ දැනගත යුතු කරුණු 6ක්

 

ඉදිකිරීම් කර්මාන්තයේ අත්‍යවශ්‍ය කාර්යයක් වන්නේ පසු පිරවීමයි. ව්‍යුහාත්මක සාමාජිකයෙකු ඉදිකිරීමෙන් පසු නැවත භාවිතා කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම පසෙහි තැබීමේ ක්‍රියාවලිය මෙයයි.

නැවත පිරවීමේදී භාවිතා කරන ද්‍රව්‍ය සැලසුම් අවශ්‍යතාවලට අනුකූල විය යුතු අතර එයින් අදහස් කරන්නේ එය මාරු කරන ලද බරට ඔරොත්තු දීම, ව්‍යුහයේ ස්ථායිතාව පවත්වා ගැනීම සහ කාලයත් සමඟ සැලකිය යුතු බේරුම්කරණයක් නොපෙන්වයි. නැවත පිරවීමේදී ඔබ සලකා බැලිය යුතු සාධක වන්නේ නිවැරදි පස තෝරා ගැනීම සහ පස සංයුක්ත කිරීමයි.

ඉතා මැනවින්, backfill ද්රව්යමය විය යුතුය කුඩා හිස් ද්රව්ය විය යුතුය. දිරාපත් වන කුණු, ගෙවතු පස සහ මෘදු පස වැනි කාබනික ද්‍රව්‍ය භාවිතා නොකළ යුතුය, මන්ද එය රැඳවුම් බිත්තියට අමතර පාර්ශ්වීය පීඩනයක් විය හැකි ජලය අධික ලෙස රඳවා තබා ගනී.

පසු පිරවීම සඳහා භාවිතා කරන කදිම ද්රව්ය වන්නේ මූලික ද්රව්ය, බිත්ති පාෂාණ සහ ජලාපවහන ගල් ය. මෙම වර්ගයේ ජලය රඳවා තබා ගැනීමට අපහසු වන ගුණාංග ඇත.

tamping rammer machine, $150 සිට ආරම්භ කරන්න



අන්තර්ගතය

• Granular Backfill යනු කුමක්ද?

• Granular Fill ලෙස සැලකෙන්නේ කුමක්ද?

• කැට සහිත පස භාවිතා කරන්නේ කුමක් සඳහාද?

• කැටිති පස Backfill ලෙස භාවිතා කරන්නේ ඇයි

• අංක 57 බොරළු කැට සහිත පසු පිරවීම හොඳද

• Granular Material Backfill over Boravel වන්නේ ඇයි

• නිගමනය

Granular Backfill යනු කුමක්ද?

 

කැටිති නැවත පිරවීම යනු ගොරෝසු-කැට සහිත පස වන අතර එහිදී ධාන්‍ය 0.075 mm (හෝ 75 µm) ට වඩා විශාල වේ. මෙම වර්ගයේ පස් ඇට පියවි ඇසින් දැකිය හැකි අතර අපගේ ඇඟිලි අතර අතුල්ලන විට ඝෝෂාකාරී බවක් දැනේ.

කැටිති නැවත පිරවීම වළේ ධාවනය වන බොරළු, වැලි හෝ තලා දැමූ බොරළු වලින් සමන්විත විය යුතුය.

Granular Fill ලෙස සැලකෙන්නේ කුමක්ද?

 

සාකච්ඡා කර ඇති පරිදි කැට සහිත පසු පිරවීම යනු 0.075 mm (හෝ 75 µm) ට වඩා විශාල රළු පසකි. මෙම රළු පස සංවෘත ප්‍රදේශවලට හොඳින් ගැලපෙන අතර උමං මාර්ග, බෝක්කුව, වැව් සහ අනෙකුත් උපයෝගිතා වැනි ව්‍යුහයන් අවට ප්‍රදේශ වැනි බර උපකරණ සඳහා අවසර නොදේ.

මෙයට හේතුව කැටිති පස හෝ එකමුතුකම අඩු පස අස්ථායී වන අතර යොදන ලද පැටවීමේදී කඩා වැටිය හැක. ජලාපවහනයෙන් ඝනීභවනයට හා ඒකාබද්ධ වීමට ප්‍රතිරෝධී වන ව්‍යුහයන් වටා වඩා හොඳ ජලාපවහනයකට ඉඩ දීම සඳහා මෙම වර්ගයේ පස විශිෂ්ටයි. මෙයින් අදහස් කරන්නේ කැට පිරවුමේ අඩු හිස් අනුපාතයක් ඇති අතර ජලය රඳවා නොගන්නා බවයි.

සාමාන්‍යයෙන්, කැටිති පසෙහි ඝනත්වය වැඩි වන තරමට එහි කැපුම් ශක්තිය වැඩි වන අතර එමඟින් දැඩි හා ශක්තිමත් සංයුක්ත ද්‍රව්‍යයක් ලැබෙනු ඇත.

පනින ජැක් ටැම්ප්, $150 සිට ආරම්භ කරන්න




කැටිති පස භාවිතා කරන්නේ කුමක් සඳහාද?

 

රැඳවුම් බිත්තියක් නැවත පිරවීම සඳහා කැටිති පස සාමාන්‍යයෙන් වඩාත් කැමති වේ. මෙයට වඩාත් පොදු හේතුවක් වන්නේ ජලය රඳවා නොගැනීමයි. තෙතමනය පවතින විට පස පරිමාවේ කිසිදු වෙනසක් සිදු නොවේ.

පසු පිරවීම ලෙස කැටිති පස නිදහස් ජලාපවහනය ලෙස සලකනු ලැබේ, එය ජලය ගලා යාමට සහ බිත්තියේ පිටුපසින් ඉවතට ගලා යාමට ඉඩ සලසයි. කැටිති නොවන පස, සංයුක්ත පස වැනි, බිත්තියේ පිටුපසට අහිතකර විය හැක, එය ඉදිමීමට හා හැකිලීමට නැඹුරු වනු ඇත. මෙයින් අදහස් කරන්නේ පසෙහි ජලය රඳවා තබා ගැනීමෙන් බිත්තියට පෙරළිය හැකි බලවේග නිපදවන බවයි.

මේ සමඟ, රැඳවුම් බිත්තිය සඳහා පසු පිරවීමක් ලෙස භාවිතා කරන කැටිති පස මතුපිට ජලය වේගයෙන් බැස යාමට ඉඩ සලසයි, එමඟින් බිත්තිය මත අමතර ජල ස්ථිතික පීඩනයකට ඉඩ නොදේ.

අධික වර්ෂාව පවතින විට අඩුවෙන් ජලය විනිවිද යාම සහතික කිරීම මෙහි අරමුණයි. ඔබේ පසු පිරවුම් ද්‍රව්‍ය සංයුක්ත කිරීමට අවශ්‍ය සහ අවශ්‍ය වේ .පාංශු ඝණත්වය වැඩි වීමට හේතු වන අංශු අතර ඇති හිස් තැන් අඩු කිරීම සඳහා පීඩනය සහ/හෝ කම්පනය යෙදීමේ ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලිය පාංශු ගුණාංග වැඩි දියුණු කිරීමට හේතු වේ:

1. කැපුම් ශක්තිය සහ බර දරණ ධාරිතාව වැඩි කරයි;

2. පාංශු බෑවුමේ ස්ථාවරත්වය වැඩි කරයි;

3. හිස් සලාකය අඩු කරන්න, එනම් අඩු ජලය කාන්දු වීම සහ

4. වැඩ කරන බර අතරතුර පදිංචිය අඩු කරන තද ගතිය වැඩි කරයි.

කැටිති පස Backfill ලෙස භාවිතා කරන්නේ ඇයි?

 

උසස් තත්ත්වයේ ගුණ ඇති නිසාත් මඳ හෝ ප්ලාස්ටික් බවක් නොපෙන්වන නිසාත් කැට සහිත පස backfill ලෙස භාවිතා කරයි. මෙම වර්ගයේ පස සංයුක්ත කිරීමට පහසු වන අතර ව්‍යුහාත්මක සාමාජිකයින්ට හොඳ ආධාරකයක් සපයයි.

එය කුඩා හිස් අනුපාතයක් ඇත, මේ නිසා, එය අනෙකුත් පාංශු ද්රව්ය හා සසඳන විට අඩු ජලය රඳවා තබා ගනී. පාංශු ද්‍රව්‍යයක් හොඳ ජල ප්‍රමාණයක් අවශෝෂණය කරන විට, එය සැලසුම් කර ඇති ශක්තිය ඉක්මවන රැඳවුම් බිත්තියේ අමතර පීඩනයට දායක විය හැකිය. මෙය සිදු වූ විට, ව්‍යුහාත්මක හානි සිදු විය හැකි අතර හානිවලට දායක වේ.

අනෙක් අතට, කැටිති පස, අඩු ජලය රඳවා තබා ගනී, එනම් අඩු පාර්ශ්වීය පීඩනයයි.

අංක 57 බොරළු කැට සහිත බැක් ෆිල් එක හොඳයි

 

කුමන ආකාරයේ ව්‍යුහයක්දැයි දැන ගැනීමෙන් පසු පිරවුම් ද්‍රව්‍ය හොඳ සහ අදාළ වන්නේ කුමන ආකාරයේද යන්න තීරණය කරනු ඇත. අංක 57 බොරළු පස් යනු අඟල් 1 ට වඩා කුඩා වන අතර සාමාන්‍යයෙන් අඟල් 3/4 ප්‍රමාණයේ සමස්ථ වේ.

එහි විශාලත්වය නිසා, අංක 57 බොරළු අනිවාර්යයෙන්ම සංයුක්ත නොවේ, නමුත් සංයුක්ත උපකරණ සමඟ සම්මත කරන විට නිසි ලෙස නැඹුරු වේ. අංක 57 බොරළු අතර වාතය සහ ජලය හරහා යාමට ඉඩ සලසන හිස් අවකාශයන් ඇත.

අංක 57 බොරළු යන්නයි

Monday, 11 September 2023

රජයේ කාර්යාලයවල දත්ත සයිබර් ප්‍රහාරයකින් මැකිලා

 රජයේ කාර්යාලයවල දත්ත සයිබර් ප්‍රහාරයකින් මැකිලා

රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.

පසුගිය මැයි මස 17 වන දින සිට අගෝස්තු මස 26 වැනිදා දක්වා කාලය තුළ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා සඳහන් කළා.

මේ හේතුවෙන් කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා සඳහන් කළේ,

“අපේ ICT ආයතනයෙන් ඊමේල් පහසුකම ලබාදීලා තියෙනවා රජයේ ආයතන කිහිපයකට. මධ්‍යම ඊමේල් පහසුකම් නැති ආයතන කිහිපයකට. ඒ පද්ධතිය 2007 වසරේ ඉඳලා අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. 2013 වසරේ ස්ථාපනය කරන්න යෙදුන ඊමේල් පද්ධතිය මේ වනවිට කල් ඉකුත් වු තත්ත්වයක් තමා වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පද්ධතිය විවිධ වූ සිකියුරිටි ඇටෑක්වලට පත්වෙලා තියෙනවා. ඒ අනුව ඇටෑක් එකක් ඇවිත් තියෙනවා අගෝස්තු 26 වනදා ඒ සමගම ඒ පද්ධතිය භාවිතයට ගතහැකි තත්ත්වයෙන් ඉවත්වෙලා තියෙනවා. 2014 පස්සේ මේ වෙනකල් යාවත්කාලින කිරීමක් කරලා නෑ. 2021 සහ 2022 උත්සාහ කරලා තියෙනවා යාවත්කාලීන කරන්න. නමුත් ඒකට හැකියාවක් ලැබිලා නෑ. දැනට ICT ආයතනය ඉදිරියේදී මෙවැන්නක් සිදුනොවෙන්න අවශ්‍ය යාවත්කාලීන කටයුතු හා පරිපාලන කටයුතු ශක්තිමත්ව කරගෙන යනවා.”

රජයේ ආයතනවල වැරදි කියන්න දුරකථන අංකයක්

 රජයේ ආයතනවල වැරදි කියන්න දුරකථන අංකයක්

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳ 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව එම අමාත්‍යාංශය පවසනවා.

එම දුරකථන අංකයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මෙම අංකය වෙත මේ වන විට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව කඩිනමින් විමර්ශනය කර අදාළ තීන්දු තීරණ ගන්නා ලෙසට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම පමා වීම තුළින්, චෝදනා එල්ල වන නිලධාරීන්ට හා පැමිණිලි ඉදිරිපත් කරන ජනතාවට අසාධාරණයක් වීම වැළැක්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව දැනට පවත්වා ඇති සම්මුඛ පරීක්ෂණවලින් අදාළ තනතුරුවලට තෝරාගෙන සිටින පිරිස් පවතින පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීමට නියමිත බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.


Sunday, 10 September 2023

සුරාබදු පනත කඩිනමින් සංශෝධනයට

 සුරාබදු පනත කඩිනමින් සංශෝධනයට

සුරාබදු පනත සංශෝධනය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ වනවිට සුරාබදු පනතේ බොහෝ අඩුපාඩු පවතින බව‍ත් එම අඩුපාඩු සංශෝධනය කරමින් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

“සුරාබදු ආඥා පනත අපේ රටේ තියෙන ඉතාම පැරණි ආඥා පනතක් අවුරුදු 100කටත් වැඩියි. මේක වරින් වර ඒ යුගයේ අවශ්‍යතා මත සුරාබදු නිවේදන 1,000කට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන කරගත්ත පනතක්. ඉතින් ඒ නිසා මේකට විශාල පැලැස්තර ප්‍රමාණයක් අලවාගත්ත රෝගියෙකු වගේ. පනතෙන් ආවරණය කරපු ආවරණයන් අද ප්‍රමාණවත් නැහැ. කෙළවරක් නැති සිදුරු නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ සිදුරු සියල්ල වසලා සැබෑ රාජ්‍ය ආදයම ලබාගැනීම සඳහා අවශ්‍ය යවත්කාලීන කිරීම කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි සුරාබදු පනත වෙනස් කිරීම පිළිබඳව අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඊටත් අමතරව දැනට මේ සුරාසැල් ස්ථානගතවීම ආදිය කෙරෙහි සෘජුවම බලපාන්නේ 2008 දී ගෙන ආ 902 නිවේදනය. මේ නිවේදනයත් අපි කඩිනමින් යාවත්කාලීන කරන්න කටයුතු කරමින් යනවා.”


Friday, 8 September 2023

පාස්කු ප්‍රහාරය: GR චැනල් 4 වෙත ප්‍රතිචාර දක්වයි, FBI/CIA ඉල්ලීම සඳහා එක්සත් ජනපද ප්‍රතිචාරය නිකුත් කරයි

 පාස්කු ප්‍රහාරය: GR චැනල් 4 වෙත ප්‍රතිචාර දක්වයි, FBI/CIA ඉල්ලීම සඳහා එක්සත් ජනපද ප්‍රතිචාරය නිකුත් කරයි



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය


2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් 2019 නොවැම්බරයේ මා බලයට පත්කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා හිතාමතාම පහසුකම් සැලසූ බව චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ නවතම චිත්‍රපටයේ ඇති ප්‍රධාන චෝදනාවයි. මෙම චෝදනාව එල්ල වන්නේ යුරෝපයේ දේශපාලන රැකවරණ සඳහා අයදුම්කරුවෙකු වන හන්සීර් අසාද් මවුලානා විසින් කරන ලද ප්‍රකාශයන් මත ඔහු විසින් මේජර් ජෙනරාල් සුරේෂ් සලායි (මිලිටරි බුද්ධි අධ්‍යක්ෂ ලෙස ඔහුගේ අතීත භූමිකාව සඳහා ප්‍රසිද්ධියට පත් වූ) ප්‍රතිපත්තිමය මරාගෙන මැරෙන බෝම්බකරුට හඳුන්වා දුන් බවයි. සහරාන් සහ ඔහුගේ සහෝදරයා වන Zainee Moulavi 2018 පෙබරවාරි මාසයේදී.


මේජර් ජෙනරාල් සලේ මගේ හිතවත් අයෙකු ලෙස විස්තර කර ඇත. කෙසේ වෙතත්, ඔහු බොහෝ ජනාධිපතිවරුන් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු වන අතර සියලුම හමුදා නිලධාරීන් පෞද්ගලික පුද්ගලයින්ට නොව රජයට පක්ෂපාතී වේ. මමත් හිටපු හමුදා නිලධාරියෙක්, ඔහු වගේම මමත් විවිධ ආණ්ඩු යටතේ සේවය කළා. 2015 ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවත් වුණාට පස්සේ මම ජනාධිපති ධූරයට පත්වෙනකම් මේජර් ජෙනරාල් සලායි අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ.


තමා හමුදා බුද්ධි අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කර 2016 සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ අමාත්‍ය-උපදේශකවරයා ලෙස කටයුතු කළ බවත් මෙම හමුව සිදුවන අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බවත් මේජර් ජෙනරාල් සලේ චැනල් 4 වෙත දන්වා තිබුණි. සිදුවී ඇත. තවද, 2019 ජනවාරි සිට නොවැම්බර් දක්වා ඔහු ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලාව හදාරමින් ඉන්දියාවේ සිටි අතර 2016 සිට 2019 දක්වා මේ මුළු කාලය තුළම ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක හෝ ආරක්ෂක ව්‍යුහය තුළ ක්‍රියාත්මක නොවීය. 2016 දී මේජර් ජෙනරාල් සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත කිසි දිනෙක එම සංවිධානයේ සේවය නොකළේය. ඔහු 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස නැවත බුද්ධි අංශයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුවයි.


එබැවින් 2018 පෙබරවාරි මාසයේදී මේජර් ජෙනරාල් සලායි මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමුවීම පිළිබඳ මෙම කතාව පැහැදිලිවම ගොතන ලද කතාවකි.


මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ හමුදා බුද්ධි අංශ හවුල් වූ බවට ඔවුන්ගේ ප්‍රකාශය තහවුරු කිරීම සඳහා, 2018 නොවැම්බර් 30 වන දින පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ ආයුධ සොරකම් කිරීම සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම පිළිබඳ වව්නතිව් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළ බව චිත්‍රපටයෙන් චෝදනා කරයි. 2019 ජනවාරි 16 වනදා වනාතවිල්ලුව ආරක්‍ෂිත නිවාසය, හමුදා බුද්ධි අංශ විසින් පොලිස් පරීක්‍ෂණ කඩාකප්පල් කර ඇත. 2015-2019 රජය බුද්ධි අංශවලට සහ විශේෂයෙන් හමුදා බුද්ධි අංශයට හිංසා පීඩා කළ බවත් එම කාලය තුළ එහි සාමාජිකයන් කිහිප දෙනෙකු මාස ගණන් වසර ගණනාවක් රිමාන්ඩ් භාරයේ සහ පොලිස් අත්අඩංගුවේ ගත කළ බවත් සියලුම ශ්‍රී ලාංකිකයන් දනිති. එබැවින් 2015 - 2019 රජය සමයේ හමුදා බුද්ධි අංශයට පොලිස් කටයුතු කඩාකප්පල් කළ හැකි බවට කරන ඕනෑම ප්‍රකාශයක් සරල විකාරයකි.


2015-2019 රජය විසින් මුස්ලිම් අන්තවාදී ගොඩනැගීමක ලකුණු නොසලකා හැර ඇති බව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු සිරියාවට ගොස් ISIS ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ වී ඇති බවත්, විදේශීය ඉස්ලාම් දේශකයින් ශ්‍රී ලංකාවට පැමිණ අන්තවාදී ඉගැන්වීම් ප්‍රචාරය කරන බවට 2016 නොවැම්බර් 18 වනදා එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කළ හෙළිදරව්ව නොසලකා හැර ඇති බව ඔවුන් ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2018 මාර්තු 23 සිට 25 දක්වා ලේවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලක පුහුණු කඳවුරු පවත්වා ඇති අතර 2018 අප්‍රේල් සහ මැයි මාසවලදී නුවරඑළිය ආගන්තුකාගාරයක තවත් රැස්වීම් පවත්වා ඇති අතර ඒ සියල්ල පොලිසියට පැමිණිලි කර තිබූ නමුත් විමර්ශනය කර නැත.


සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් 2018 අගෝස්තු 27 අලුයම කාත්තන්කුඩි ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමේදී බරපතල තුවාල ලැබීය. කලින් සඳහන් කළ වව්නතිව් සහ වනාතවිල්ලුව සිද්ධීන් හැරුණු විට 2018 දෙසැම්බර් මස අගදී මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදුවී ඇත. මෙන්ම. ජනාධිපති කොමිෂන් සභාව නිරීක්ෂණය කළ පරිදි, මෙම ඕනෑම මුල් සිදුවීමක් නිසි ලෙස විමර්ශනය කිරීම ත්‍රස්තවාදීන් ඉක්මනින් අල්ලා ගැනීමට සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැලැක්වීමට හේතු වනු ඇත. මෙම පරීක්ෂණ භාරව සිටියේ පොලිසිය මිස හමුදා බුද්ධි අංශ නොවේ.


මේ මුළු කාලය තුළම මම බලයේ නොසිටි බව හැරුණු විට, බොහෝ බුද්ධි අංශවල සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් මෙන්, මමත් 2015 සිට ජනාධිපති වන තෙක් එක් පොලිස් ඒකකයකින් තවත් උසාවියකට සහ අධිකරණ ශාලාවකින් තවත් යමින් සිටියෙමි. නොවැම්බර 2019 රජයේ හිංසා පීඩාවල ප්‍රතිඵලයක් ලෙස.


මේ අලුත්ම චිත්‍රපටියෙන් මටත් මගේ රජයටත් එල්ල වූ එක් චෝදනාවක් තමයි මම ජනාධිපති වුණාට පස්සේ පරීක්ෂණ කරන නිලධාරීන් මාරුකරලා පරීක්‍ෂණ ‘කඩාකප්පල් කළා’ කියන එක. මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගැන කරන සඳහනක් යැයි මම උපකල්පනය කරමි.


ඔහු දේශපාලඥයෙකු සමග කුමන්ත්‍රණයක් කර රට හැරයාමට බලපෑම් කර ඇති බව කාන්දු වූ දුරකථන හඬපටවලින් අනාවරණය වී තිබුණි

මැතිව්ස්ගෙ සිදුවීම ගැන බංගලාදේශ මහාධිකරණයෙන් නියෝගයක්

  ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිර...